සියලු ලිපිගිණුම

ඔබේ විවාහ ගිණුම ලස්සනට ලියන හැටි — හොඳ යෝජනා ලැබෙන්න

හොඳ photo එකක්, අවංක "මා ගැන" කොටසක් සහ සම්පූර්ණ විස්තර — වැඩි දෙනෙක් ඔබව තෝරගන්න හේතු.

කියවීමට විනාඩි 4

ඔබේ ගිණුම තමයි ඔබ ගැන කෙනෙක්ට ලැබෙන පළමු හැඟීම. පොඩි වෙලාවක් වැය කරලා ඒක හොඳට හැදුවොත්, ඔබට ගැලපෙන අයගෙන් වැඩි කැමැත්තක් ලැබෙනවා.

1. පැහැදිලි, සිනාමුසු photo එකක්

මුහුණ පැහැදිලිව පේන, හොඳ ආලෝකයක් තියෙන අලුත් photo එකක් දාන්න. Sunglasses, group photos සහ filter ගොඩක් දාපු photos මගහරින්න. පෞද්ගලිකත්වය ඕනේ නම් blur කරලා තියන්නත් පුළුවන්.

2. අවංක "මා ගැන" කොටසක්

ඔබේ රැකියාව, කැමති දේවල්, පවුල ගැන සහ ඔබ හොයන්නේ කොහොම කෙනෙක්ද කියලා වාක්‍ය කිහිපයකින් ලියන්න. "Simple person" වගේ දේවල් වෙනුවට ඇත්ත උදාහරණ දෙන්න.

  • උදා: "සතියේ අන්තිමට මම අම්මාට උයන්න උදව් කරනවා, නිදහසේ පොත් කියවනවා"
  • Phone අංක, links හෝ social media "මා ගැන" එකට දාන්න එපා
  • ධනාත්මකව ලියන්න — "එපා" ලැයිස්තුවක් නෙවෙයි

3. විස්තර සම්පූර්ණ කරන්න

අධ්‍යාපනය, රැකියාව, උස, ආගම, පවුලේ විස්තර වගේ දේවල් පුරවලා තිබ්බොත් ගැලපීම් % එක හරියටම ගණන් වෙනවා, ඔබව සොයාගන්නත් ලේසියි.

4. Verified වෙන්න

හදමිතුරු එකේ ගිණුම තහවුරු කරන එක නොමිලේ. ✓ ලකුණ තියෙන ගිණුම් වලට අනිත් අය වැඩියෙන් විශ්වාසයෙන් කැමැත්ත එවනවා.

ඉඟිය: "මම කැමති සහකරු" කොටසත් පුරවන්න — එතකොට "අද ඔබට ගැලපෙන 5 දෙනා" ඔබටම ගැලපෙන්න හැදෙනවා.

ඔබේ ජීවිත සහකරු සොයන්න පටන් ගන්න 💕

ලංකාවේ ආරක්ෂිතම විවාහ යෝජනා site එකේ නොමිලේ ගිණුමක් හදන්න.

තවත් ලිපි